පොහොට්ටුව, පොහොට්ටුව අතර ගැටුමක්.. මන්ත්‍රී පිරිසක් එලවා දමයි.

Sri Lanka Podujana Peramuna
By Thaya Apr 06, 2021 05:46 PM GMT
Thaya

Thaya

Report

අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා විසින් බටපොල නගරයේ දී පැවති විරෝධතාවකට එම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් විරෝධතාවයක් එල්ල කළේය. මැර ක්‍රියා එම ප්‍රදේශයේ පවතින බව පවසමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධතාවය පවත්වද්දී පොදුජන පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ එම විරෝධතාවට පහර දී ඔවුන් එතැනින් එළවා දැමුහ. මහින්ද රාජපක්ෂ මහතාගෙන් නම කැප කරන්න එපා යැයි සෙසු මන්ත‍්‍රීවරුන් ඔහුට බැණ වැදුණහ. ගේ‍්‍රෂන් කෙරමිනිය ගේ මහතා පහනට තෙල් ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වන අතර ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵලලාභියෙකු බවත් ඔහුගේ මෑණියන් රුවන්මැලි සෑයට අධිපති දේවතාවියක් බවත්ය.