බස් රථයක් අලුවෙන්නම ගිනි තියයි.

Bus
By Thaya Jan 18, 2021 03:24 PM GMT
Report

මුලතිව් ආලංකුලම් ප්‍රදේශයේදී ගිනිගෙන් විනාශ වූ බස් රථයකට ගිනිතැබුවේදැයි යන්න පිළිබඳව මේ වන වටි පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි.

ආලංකුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ අදාල පෞද්ගලික බස් රථය ඊයේ (16) අලුයම් කාලයේදී එකවරම ගිනිගෙන ඇති අතර නිවැසියන් හා අසල්වාසීන් ගින්න දකින අවස්ථාවේදීද ගින්න බස් රථය පුරාම ව්‍යාප්ති වී ඇති අතර ගින්න නිවාදමන විටත් බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

රාත්‍රී කාලයේදී මෙලෙ බස් රථයේ ඉබේම ගින්නක් ඇති වීමට හේතුවක් නොමැති බවටත් කිසියම් පිරිසක් විසින් බස් රථයට ගිනිතබා පලා ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටිති.

කෙසේ නමුත් අදාල ගිනිගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මල්ලාවි පොලීසිය වැඩි දුරටත් පවසා සිටියේ අදාල ගින්න බස් රථයේ කාර් මික දෝෂයක් හේතුවෙන් හට ගත්තේද නැතිනම් ගිනිතැබුවේද යන්න නිශ්චිතවම දැනට පැවසීමට නොහැකි බවටත් ඒ සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් මේ වන විට ආරම්භ කොට ඇති බවටද පැවසීය.