තවත් බන්ධනාගාරයකින් කොවිඩ් පොකුරක්

Covid-19
By Thaya Mar 13, 2021 07:08 PM GMT
Report

බූස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 46 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. පසුගිය 11 වනදා සිරකරු වාට්ටු 02ක රැඳවුවන් සඳහා සිදුකළ පි.සි.ආර් පරීක්ෂණයේ වාර්තාවන්ට අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව බුස්ස බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා සඳහන් කළේය. ඒ අනුව එම ආසාදිතයන් පිරිස කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. කොවිඩ් ආසාදනය වු රැඳවුවන්ගේ ආශ්‍රිතයන් හඳුනාගනිමින් ඔවුන් පි.සි.ආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇති බව බුස්ස බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා පැවසුවේය. මේ අතර ඊයේ (12) දිනයේ දි හඳුනාගැණුනු නව ආසාදිතයින් 65 දෙනාත් සමඟින් බන්ධනාගාර කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,125 දක්වා ඉහළ ගොස් තිබේ.