ප්‍රධාන නගරයක ආගමික ස්ථානයකින් කොරෝනා පොකුරක්...
මස්කෙලිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු අද (21) දින හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසුවා. අසාදිතයන් 11 දෙනාම මස්කෙලිය ශ්‍රි සන්මුගනාදන් හින්දු කොවිලේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ. සන්මුගනාදන් හින්දු කොවිලේ පැවති රැස්විමකට සහභාගි වු එම කොවිලේ පාලක සභාවේ නිලධාරියෙකු කොවිල තුලදි හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරිමෙන් පසු මියගිය ගොස් තිබෙනවා. මරණකරුගේ සිදු කළ ඇන්ටිජන් සහ PCR පරික්ෂණ වාර්තා අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබුණා.
ඉන් අනතුරුව එම කොවිලේ පුජකවරයාටද කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකුගෙන් සිදු කළ PCR පරික්ෂණ වාර්තා අනුව 11 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබු බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ. අසාදිතයන් හමු වු හින්දු කොවිලත් මස්කෙලිය නගරයේ වෙලදසැල් 04 තාවකාලිකව වසා දමා තිබෙනවා. නව අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 33 දෙනෙක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.