ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් ප්‍රභලයෙක් ඇතුළු බොහෝ පිරිසක් ජීවිතක්ෂයට.

By Wayomi Sep 02, 2022 11:26 AM GMT
Report

අද ඇෆ්ගනිස්ථානයේ බටහිර නගරයක් වන හේරත්හි විශාලතම මුස්ලිම් පල්ලියක දැවැන්ත පිපිරීමක් සිදු වුණා.

එම ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ පූජකයෙකු වන බලගතු ඉමාම් Mujib ur Rahman Ansari ඇතුළු බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගන් ප්‍රවෘත්ති ඒජන්සිය ටොලෝනිව්ස් සඳහන් කරනවා.

ඉමාම් Mujib ur Rahman Ansari යනු අන්තවාදී ක්‍රියා සහ කතා වලට ප්‍රසිද්ධ බලගතු තලේබාන් ගැති පූජකයෙකි.

ජූලි මාසයේදී, කාබුල්හි ආගමික රැස්වීමක් අතරතුර, "අපගේ ඉස්ලාමීය රජයට එරෙහි කුඩාම ක්‍රියාව" කරන අයගේ හිස ගසා දමන ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW