ඔට්ටුත් දැක්කා හැබැයි මේ වගේ ඔට්ටුවක් නම් දැක්කේ නෑ - ඔට්ටුවක් නිසා නිමේෂයකින් කාන්තාවක් වෙන්න වුණ ගුවන් සමාගම් අධිපති‍යා.. බලන්නකෝ එයාට වුණ අමුතුම දෙය.. (PHOTOS)

Gossip Today
By krishani Nov 17, 2023 03:59 PM GMT
krishani

krishani

Report

ඔට්ටු අපි දැකලා තියෙනවා එක එක විදිහට දානවා.

බලන්නකෝ සල්ලිකාර මහත්තුරු දෙන්නෙක් ඔට්ටුවක් දැම්ම අමුතුම විදිහ.

ඒ තමයි එයාර් ඒෂියා' ගුවන් සමාගමේ අධිපති ටෝනි ෆර්නැන්ඩෙස් සහ 'වර්ජින් ඇට්ලෑන්ටික්' ගුවන් සමාගමේ අධිපති සර් රිචඩ් බ්‍රැන්සන් දෙන්නා.

මෙයාලා මේ ඔට්ටුව දාලා තියෙන්නේ 2010 වසරේදී අබුඩාබි හි පැවති ෆෝමියුලා 1 ග්‍රෝං ප්‍රී තරගයකදී.

මේ ඔට්ටුවේ දී වෙන්නේ දෙන්නගේ කණ්ඩායම් දෙකෙන් දෙන්නගෙන් කෙනෙක්ට පැරදුනොත් අනෙකාගේ ගුවන් යානයක ගුවන් සේවිකාවක ලෙස සැරසී ගමන් කරන්න ඕන.

ඉතිම් මේ ෆෝමියුලා 1 ග්‍රෝං ප්‍රී තරගයේ දී සර් රිචඩ් බ්‍රැන්සන්ගේ කණ්ඩායම ටෝනි ෆර්නැන්ඩෙස්ගේ කණ්ඩායමට පැරදිලා.

පසුව රිචඩ් බ්‍රැන්සන්ට 'එයාර් ඒෂියා' ගුවන් යානයක ගුවන් සේවිකාවකගේ නිළ ඇඳුමෙන් සැරසිලා යන්න සිදු වුණා.

ඒ ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වායි.

කෙසේ වෙතත්, මේ ගුවන් ගමනින් ඔහු උපයාගත් සියළුම ආදායම පුණ්‍යායතනයකට ලබා දීමට ඔහු කටයුතු කිරිම කා දෙනා අතරත් කතා බහට ලක් වුණ මාතෘකාවක් වුණා.

බලන්නකෝ ඒ අපූරූ ඔට්ටුවේ ඡායාරූප,

GalleryGalleryGallery