15 හැවිරිදි දැරිවිය ගැබිනියක් කළ 21 වියේ තරුණයාට වැඩ වරදියි.

Police Gossip
By Thaya Jan 07, 2021 10:27 PM GMT
Thaya

Thaya

Report

15 හැවිරිදි බාල වයස්කාර දැරියක පස් මස් ගැබිනියක කළ 21 හැවිරිදි තරුණයකු අරණායක පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරණායක පලේබාගේ ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකාර තරුණයා මීට මාස හයකට පමණ පෙර වෙනත් ප‍්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරිය රවටාගෙන ඔහු පදිංචි අරණායක ප‍්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත් ඇය විවාහ කර ගන්නා බව පවසා ඇය සමග අඹු සැමි ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මාස කිහිපයක් ගතවීමෙන් පසු දැරිය ගැබ් ගැනීම නිසා තරුණයාගේ මව්පියන් විසින් දැරිය තරුණයාට විවාහ කර දීමට ප‍්‍රදේශයේ විවාහ රෙජිස්ට‍්‍රාර්වරයා වෙත 05 වැනිදා ගොස් ඇත. එහිදි දැරියගේ උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමේදී ඇය බාල වයස්කාර දැරියක් බව අනාවරණය වී ඇත. මෙම සිද්ධිය පිළිබඳ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් වීමෙන් පසු අරණායක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර 21 හැවිරිදි තරුණයා සාමස්සර කන්ද ප‍්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ සවස මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පස් මස් ගැබිනි දැරිය රෝහල් ගත කර ඇත. අරණායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරේ.