රුපියල් 20 කාසියක් එයි.. පලමු කාසිය ජනපතිට.. අඩුම නෝට්ටුව 50 බවට

Coin
By Thaya Jan 02, 2021 06:38 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබිණ.

කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරේ.

මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත සහ මහ බැංකුවේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය