ගතවූ පැය 24 තුළ ගුවනින් 999 දෙනෙකු දිවයිනට

Srilanka
By Thaya Mar 13, 2021 07:08 PM GMT
Thaya

Thaya

Report

ගතවූ පැය 24 ක කාලය තුළ ගුවන් යානා 30ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 1515 දෙනෙකු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව ගුවන් මගීන් 999 දෙනෙකු ගුවන් යානා 15කින් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම, ගුවන් යානා 15කින් දිවයිනෙන් පිටත්ව ගිය මගීන් සංඛ්‍යාව 525ක්.පිටත්ව ගිය පිරිසට, ඩුබායි බලා ගිය 109 දෙනෙකු සහ කටාර් රාජ්‍යය වෙත ගිය 90 දෙනෙකු ද ඇතුළත්.