අවුරුදු 9ක දරුවෙකු you tube එකෙන් අති විශාල මුදල

YouTube
By Thaya Dec 29, 2020 08:22 PM GMT
Thaya

Thaya

Report

ලොව පුරා අතිශ්‍ය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් ඔස්සේ මේ වසරේදී වැඩිම ආදායමක් ඉපැයූ චරිතය බවට පත්වීමට අමෙරිකාවේ රයන් කජී නම් අවුරුදු 9ක දරුවා සමත් වී තිබෙනවා.

ඔහු මේ වසරේදී උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 29.5ක්. එය ආසන්න වශයෙන් කෝටි 566කට අධිකයි. රයන් කජී නම් මෙම දරුවාගේ යූ ටියුබ් නාලිකාවේ ග‍්‍රාහක පරිශීලකයින් මිලියන 41.7ක් සිටිනවා.

සෙල්ලම් බඩු පිළිබඳ කරන විස්තර, පවුලේ අය සමඟ සිදුකරන ක‍්‍රීඩා ඇතුළු විඩියෝ ගණනාවක් ඔහු විසින් අන්තර්ජාලයට මුදා හරින අතර එම විඩියෝ ලොවපුරා මිලියන ගණනක් තවදුරටත් නරඹමින් සිටිනවා.

යූ ටියුබ් ඔස්සේ මේ වසරේදී වැඩිම ආදායමක් ඉපැයූ 7 වැන්නා බවට පත්ව ඇත්තේ ද දැරියක් වීම විශේෂත්වයක්. අවුරුදු 6ක් රුසියානු ජාතිකය දැරියක් වන ඇය මේ වසරේ උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18.5ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 355ක්.

ලෝක ප‍්‍රකට ෆේබ්ස් සඟරාවට අනුව යූ ටියුබ් ඔස්සේ මේ වසරේදී වැඩිම ආදායමක් ඉපැයූ දෙවැන්නා බවට පත්ව ඇත්තේ මිස්ටර් බිට්ස් නමින් පෙනී සිටින තරුණයෙකු වන අතර ඔහු සිය නාලිකාව හරහා කරලියට පැමිණි නවකයෙකු වීම විශේෂත්වයක්.

ReeCha