මානසික ආතතිය නැතිකරන ආහාර 9ක්

Stress
By Thaya Apr 09, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

මානසික ආතතිය නැතිකරන ආහාර 9ක් ගැන සිංහලෙන් දැනගනිමුමානසික ආතතිය සමඟ සටන්කිරීම ඉතා අපහසු වුනත් එය පාලනය කිරීම පහසු කරන ආහාර වර්ග තියෙනබව ඔබ දන්නවාද? මෙම විශේෂ පෝෂකයන් අන්තර්ගතවෙන ආහාර රටාවක් ඇතිකරගෙන මානසික ආතතිය හා තවත් තත්වයන් පාලනය කරගන්න පුළුවන්. විවිධාකාර අයුරින් අපට වාසි ගෙනදෙන මෙම ආහාරයන් මානසික ආතතියටද සැනසුම් ගෙනදෙනවා. මේ කාරණා පිළිබඳව ඇති අවබෝදය ඉතා වැදගත්.

1) දොඩම් / Oranges for Stress-Free Life : දොඩම් වල ඇති විටමින් C ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට සහයෝගය දෙනවා. පරීක්ෂණ අනුව තහවරුවී ඇත්තේ විටමින් C, අප මානසික පිඩනයට පත්වී ඇති අවස්ථාවක ඇතිවෙන කෝර්ටිසෝල් ප්‍රමණය අඩු කර, මානසික ආතතිය හීනකරන බවයි. එමනිසා, ඔබට සහභාගී වීමට ඇති සම්මේලනයට පෙර දොඩම් ගෙඩියක් පරිබෝජනය කරන්න. එහි සුවඳද ඔබට සැනසීමක් ගෙනදෙනවා.

2) අඹ / Mangoes for Stress-Free Life : අඹද විටමින් C බහුලව ඇති පළතුරකි. මෙමඟින් ඔබගේ මොළයේ හැකියාව වැඩිවී ඔබෙගේ දැක්ම වැඩි දියුණුකරයි. අඹ වල ඇති සෛල ප්‍රතිස්ථම්භන හැකියාව ඔබගේ සමට සහ හදවතට උපකාරී වේ. එමනිසා, ඔබගේ දෛනික ආහාර වේලට අඹ එකතු කරගැනීම ඔබ හදවත ආදිය පිළිබඳව මානසික පීඩනයෙන් සිටිනවා නම් සහනය ගෙනදෙනවා.විතාකර විවිධ වර්ගයේ කෑම සාදාගන්න පුළුවන්.

3) මාළු / Fish for Stress-Free Life : මාළු වල අන්තර්ගත වෙන අසන්තෘප්ත ඔමෙග-3 මේදය, (විශේෂයෙන්ම සැමන් සහ කෙලවල්ලන්) ඔබගේ ශරීරයේ ඇති සෙරෝටොනින් ප්‍රමාණය වැඩිකරනවා. මෙමඟින් විශාදය සහ කිරීට රෝග පාලනය කරයි. තව විදියකට කීවොත්, අවුල් සහිත බව අඩු කරයි.

4) තද චොකලේට් / Dark Chocolate for Stress-Free Life : ස්විස්සර්ලන්තයේ කරන ලද සොයාගැනීම් වලට අනුව, නිතරම තද චොකලේට් කන තැනැත්ත්න්ගේ රුධීරයේ ඇති කෝර්ටිසෝල් ප්‍රමණය අඩුයි. මෙය, මෙමඟින් ලැබෙන අමතර වාසියකි. තවද, ඔබට චොකලේට් කෑමට ආසාව ඇති වෙන විට එන්ඩොර්ෆින්ස්ද පිටවෙනවා.

5) පිශ්ටාචොයෝ නට්ස් / Pistachio Nuts for Stress-Free Life : මෙහිද ඔමෙග-3 අසන්තෘප්ත මේදයන් අන්තර්ගතවෙනවා. මෙමඟින් කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කර, එමඟින් ධමනි වල ඇතිවෙන ගැටළු අඩු කරයි. අවුල් සහිත බවද මේ වාසි නිසා හීන වේ.

6) නිවුඩු සහිත ඇට වර්ග / Grains with bran for Stress-Free Life: ඕට් පිටි මේ සඳහා හොඳ තේරීමකි. ඔබගේ රුධීර පීඩනය පහල බස්සනවා මෙන්ම, දිරවීමට තරමක් කාලය ගත වෙන නිසා, ඔබට වැඩි වේලාවක් බඩගින්න දැනෙනේද නෑ. මෙවැනි සංකීර්ණ කාර්බෝහයිඩ්‍රේට සෙරොටොනින් ශරීරයට පිටකරයි. එයින් ඔබගේ මනසේ ස්භාවය සැහැල්ලු වේ.

7) අමු එලවළු / Raw Vegetables for Stress-Free Life : විටමින් සහ අමතර පෝෂකයන් මෙම එලවළු වල අන්තර්ගතවෙනවා. යහපත් පැවැත්මට මෙම පෝෂකයන් අපට උවමනාවෙනවා. මෙම එලවළු හැපීම කැලරි දහනය කරන අතර, හක්කේ මස්පිඩු චලනය මඟින් සිතේ මහත් කලබලයද අඩුවෙනවා.

8) නිවිති / Spinach for Stress-Free Life : නිවිති වල මැග්නීසියම් අන්තර්ගතයි. තෙහෙට්ටු ගති සහ මානසික ආතතිය නිසා මොලයෙහි සෑදෙන වේදනා වලට මැග්නීසියම් සහනයක් දෙනවා. අමතරව ඇති තන්තු ශරීරයට නැවත පණ ගෙනදෙනවා.

9) ඇස්පරගස් / Asparagus for Stress-Free Life : මෙහි ඇති ෆෝලේට් මානසික ආතතියෙන් සිටින අවස්ථා වලදී එම ආතතිය සාර්ථකව හසරුවීමට උපකාරීවෙනවා. අනෙකුත් කොළ වර්ග මෙනුවට මෙයත් එකතුකරගන්න. වාෂපයෙන් තමබා ගත්විට ප්‍රණීතයි. ඇස්පරගස් භාවිතාකර විවිධ වර්ගයේ කෑම සාදාගන්න පුළුවන්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery