73 වන ජාතික නිදහස් දින සැමරුම : ”ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්”

Independence day Celebrations
By Thaya Dec 25, 2020 11:28 AM GMT
Report

73 වන ජාතික නිදහස් දින සැමරුම ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

කොවිඞ් 19 සෞඛ්‍ය මාර්ග උපදේශන වලට අනුකූලව උත්සවය පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය, යුද හමුදා නිලධාරීන් 4325 ක්, නාවික හමුදා නිලධාරීන් 868 ක්, ගුවන් හමුදා නිලධාරීන් 945 ක්, පොලිස් නිලධාරීන් 1382 ක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 ක් හා ශිෂ්‍ය භටයින් 355 කින් සමන්විතයි.

සියලූ ජාතීන් නියෝජනය කරමින් සම්ප්‍රදායික සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් 73 වන ජාතික නිදහස් සැමරුම පෙබරවාරී 04 වන දින නිදහස් චතුරශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.