71 හැවිරිදි අයෙක් අනියම් බිරිදගේ නිවසේදී ගිනි තබාගනියි..හේතුව මෙන්න.

arson 71 years old
By Thaya Mar 05, 2021 08:48 AM GMT
Thaya

Thaya

Report

71 හැවිරිදි පුද්ගලයෙකු තම අනියම් බිරිද සමග ඇති වූ බහින් බස් වීමකදී එම නිවසේ දීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

තලාහේන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මරණයට පත්වී ඇතැයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා නිවසට පැමිණ අදාල කාන්තාව සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නා බවද පොලීසිය පවසයි.

අනියම් බිරිදගෙන් මුදලක් ඉල්ලා එම මුදල නොලැබීම හේතුවෙන් මෙසේ සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන පරීක්ෂණවලදී හෙළි වී ඇත.