රතු දත්ත පොතට ගිය ආන්දෝලනාත්මක "කෲඩියා සිලනිකා" ගස් 7ක් මෙරටින්.

Gotabhaya Rajapaksa Gampaha
By Thaya Feb 10, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

“කෲඩියා සිලනිකා“ ගස බේරාගනිමින් අධිවේගී මාර්ගයේ සැලැස්ම වෙනස් කරන්නැයි පරිසරවේදීන් රැසක් ජනපතිගෙන් ඉල්ලීම කරයි. මේ අතර පාරිසරවේදී මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා පවසා සිටියේ ජනාධිපතිවරයාට එක දුරකථන ඇමතුමකින් අදාළ සැලස්ම වෙනස් කර එම දුර්ලභ ශාකය බේරාගත හැකි බවයි. රතු දත්ත පොතට පවා ඇතුළත්ව තිබූ “කෲඩියා සිලනිකා“ නම් ශාකයේ තවත් ගස් 07ක් මෙරට විවිධ ප්‍රදේශවලින් මේ වනවිටත් සොයාගෙන ඇති බව පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක මහත්මිය පවසයි. ඒවා පිහිටා ඇත්තේ ගම්පහ බෙම්මුල්ල, ගම්පහ උද්භිත උද්‍යානය , දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හැන්දිමහර, කඩුවෙල සහ ගම්පහ දාරළුව යන ප්‍රදේශවලය.

“තවත් ශාක අපිට දැනට හඳුනගන්න පුළුවන් වුණ ඒවා 7ක් තියෙනවා ඔක්කොම ඒ දාරළුව තියෙන ශාඛ දෙකත් ඇතුළුව විශාල ශාක තියෙනවා. ඊට අමතරව පැළ විශාල සංඛ්‍යාවක් ගස් යට හැදිලා තිබුණා. ගම්පහ උද්භිත උද්‍යානයෙත් පැළ කිහිපයක් තියෙනවා. “ යනුවෙන් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ ගම්පහ දාරළුවේ පිහිටි අදාළ ගස වෙනත් ස්ථානයක රෝපණය කිරීම නුසුදු බවයි. ලෝකයෙන් වඳවී ගිය බවට සඳහන්ව රතු දත්ත පොතට පවා ඇතුළත් වූ මෙරටට අවේණික පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ ගස පිළිබඳව මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ. ඒ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයේ වන ලැහැබකින් හමුවූ එම ගස වෙනත් ස්ථානයක රෝපණය කිරීමට සූදානම්වීමත් සමගයි.