දිස්ත්‍රික්ක 23කින් ආසාදිතයින් 627ක්

Covid-19
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Thaya

Thaya

Report

දිස්ත්‍රික්ක 23 කින් ඊයේ (18) දිනයේ දී දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 47 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ඊයේ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 674කි.

එම ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ඊයේ දිනයේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197ක් වේ.

කොළඹ වැඩිම ආසාදිතයින් පිරිසක් නාරාහේන්පිට, කොටුව, ගල්කිස්ස, පිළියන්දල, වැල්ලවත්ත හා කොළඹ නගරසභා සීමාවෙන් හමුවී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 165 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 33 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 24 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 කු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මීට අමතරව සෙසු දිස්ත්‍රික්කවලින් 20 කට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 382 දෙනා ද සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 36,909 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 53,750 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සමස්ත ආසාදිතයින්ගෙන් 45,820 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7660 කි