වාලම්පුරියක් විකුණන්න ගිය 6ක් අල්ලයි
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති වාලම්පුරියක් ව්‍යාපාරිකයෙකුට විකිණීමට ගිය සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් 6දෙනෙකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(18) අම්බලන්තොට පෞද්ගලික ලැගුම්හලකදී අත්අඩංගුවට ගන්නා ලදී.
මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් රැගෙන එන ලද මෙම වාලම්පුරිය විකිණීමේ කටයුතු පුද්ගලයින් කිහිපදෙනෙකුට පවරා ඇත්තේ කාන්තාවක බව අනාවරණය වී තිබේ. සැකකරුවන් කඩුවෙල, බියගම, කටුනායක යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ලද තොරතුරක් මත අම්බලන්තොට පොලිස් විශේෂ කාරිය බලකායේ නිලධාරීන්ට යොමු කර උපාය දූතයෙකු යොදවා වාලම්පුරිය මිලදී ගැනීමට සූදානම් වෙද්දී සැකකරුවන් අත්අඩංගුට ගෙන ඇත.
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගි වර්ගයේ වාහනයක් ද අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය බාරයට ඇත. වාලම්පුරිය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂන කටුයතු සඳහා හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබේ.