පාපන්දු ක්‍රීඩාංගණ ඉදිකිරීමේ දී විදේශ ශ්‍රමිකයන් 6000 මරුට ඒ අතර ශ්‍රී ලාංකිකයන් 557 ක්.
ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කටාරයේ එම ක්‍රීඩාංගන ඉදි කිරීමේ දී විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසක් අනතුරට ලක් වී ඇති බව අනාවරණය වනවා.ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ගත වූ දස වසරක කාලය තුළ අදාළ ඉදිකිරීම් වලදී විදේශ ශ්‍රමිකයන් හය ද හා පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර,ශ්‍රී ලාංකිකයන් 557 දෙනෙකු ද ඒ අතර වන බවයි.මෙම ශ්‍රමිකයන් අධික උෂ්ණත්වය සහිත පරිසරයක උස් ස්ථානවල කටයුතු කරද්දී ඇද වැටී මිය යාමෙ සිද්ධීන්ද වාර්තා වී තිබෙනවා.තවත් ශ්‍රමිකයින් අනතුරට ලක් වී ඇත්තේ ඊට සම්බන්ධ සංකූලතා හේතුවෙන්.කෙසේ නමුත් මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ බොහෝ අවස්ථාවලදී සිදු කර නොමැති බව සඳහන්.එමෙන් ම ඒවා ස්වභාවික මරණ ලෙසයි නිශ්චය කර ඇත්තේ.මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියේ අදාළ වාර්තා සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.එමෙන් ම කඩිනමින් ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන බව ද ඔහු සදහන් කළා.