රිදීමාලියද්ද ප්‍රදේශයේ රෝගීන් 553 දක්වා ඉහළට

Covid-19
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Thaya

Thaya

Report

රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග 08 දින දවල් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 553ක් බවත් එම රෝගීන් සියලුම දෙනා රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය. මෙම රෝගින් සියලුම දෙනා රිදීමාලියද්ද සේඩිලයින් හා මැලිබන් රෙදි කර්මාන්තශාලා වල සේවකයින් හා ඔවුන්ගේ ආසාධිතයින් බව කියයි. ඇගලුම් ආයතනය අවට තිබෙන ගැමුණුපුර,අරවත්ත,අඹයපුර,ඌවතිස්සපුර,දික්කැන්දයාය,වෙළන්පැල,කෙසෙල්පොත උතුර හා දකුණ,මාපාකඩ,සේරාන යන ගම්මාන වලින් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන බව කියයි.

මේ වන විට සේඩිලයින් කර්මාන්තශාලාවේ සේවකයින් 2324 දෙනෙකුට හා මැලිබන් ආයතනයේ සෙවකයින් 115 දෙනෙකුට පී.සී.ර් පරීක්ෂන සිදුකල බවත් ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵළ අනුව වැඩි පිරිසක් රෝගයට ගොදුරව ඇති බවටද සෞඛ්‍ය අංශ තොරතුරු සොයාගෙන තිබෙන බව කියයි. සෞඛ්‍ය ආයතන හා රජයේ සියලුම ආයතන එක්ව මෙම ගම්මාන වල ජනතාවගේ අවශ්‍යතා සපුරා දී තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය.