රුපියල් 5000 හේ දීමනාව යළිත් වරක්?..ලැබෙන හැටි මෙන්න.
සංචරණ සීමා පැනවීම හේතුවෙන් පීඩාවට පත් වන අඩුආදායම්ලාභීන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව යළිත් වරක් ගෙවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රකාශකයෙක් ප්‍රධාන පුවත්පතකට ඊයේ (24) පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කෙරුණු බවත් එම ප්‍රකාශකයා හෙලිදරව් කළේය.
ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමඟ ඊයේ උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානයට ලක්වූ කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් එම ප්‍රකාශකයා කීවේය.
දීමනාව ගෙවීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති අතර ඒ ගැන විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙනු ඇති බවත් එම ප්‍රකාශකයා හෙළි කළේය.
අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීමේ වැඩපිළිවෙළ යටතේ රජය පළමු අදියරේදී ලක්ෂ හැත්තෑවකට, දෙවැනි අදියරේදී ලක්ෂ පනස්දෙකකට හා තෙවැනි අදියරේදී ලක්ෂ තිස් එකකට සහන සලසා තිබෙන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.
මෙම දීමනාව ගෙවීම සම්බන්ධයෙන් රජය අවසන් එකඟතාවක අද පැමිණියහොත් වෙසක් උත්සවයට පෙර එම දීමනාව අඩු ආදායම්ලාභින් හට ගෙවීමට කටයුතු කෙරෙනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |