කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට ලක්ෂ 5ක්

Finance
By Thaya Feb 11, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

අර්බුදයට පත් මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් හට ශ්‍රී ලංකා මහ බැංකුවේ ද්‍රවශීලතා අරමුදලෙන් රුපියල් ලක්ෂ 5 ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් උපදෙස් ලබා දුන් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඊයේ (10) මාධ්‍යවේදීන් වෙත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

"අද අපි 'ද ෆිනෑන්ස්' ගැන සාකච්ඡා කරද්දී, අගමැතිතුමා අපට උපදෙස් ලබා දුන්නා, පසුගිය කාලය තුළ දී වැටිලා තියෙන ආයතනවල සියලුම තැන්පත්කරුවන්ට, රුපියල් පන්ලක්ෂයක් දක්වා ගෙවන්න කියලා. දැනටම හයලක්ෂයක් ගෙවලා තියෙනවා. ඒ තුළින් බොහෝ දෙනෙකුට මුදල් ලැබුණා. ඊට අමතරව ඉතුරුවෙලා ඉන්න අයට තවත් පන්ලක්ෂයක උපරිමයකට යටත්ව ද්‍රවශීලතා අරමුදලෙන් නිදහස් කරන්න කියලා මහ බැංකුවත් ඒක්ක සාකච්ඡා කරන්න කියලා දැනට උපදෙස් ලබා දීලා තියෙනවා."