තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් බ්‍රහස්පතින්දා දිවයිනට
Covid-19
Corona Vaccine
By Thaya
ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් එළඹෙන බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වැඩබලන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන තහවුරු කර සිටිනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ඇණවුම සිදුකර ඇත්තේ. පසුගිය සතියේදී සීරම් ආයතනය සමග කොවිඩ් එන්නත් මිලියනයක් මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එළඹී තිබෙනවා. මීට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් ප්‍රදානයක් ලෙස ලබා දෙනු ලැබුවා.