පැය දෙකකදී හොරට ගමන් කළ 50 ක් අත්අඩංගුවට ..

Arrest
By Thaya Jan 26, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

මරදාන දුම්රිය ස්ථානයේ කළ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදී පැරණි වාර ප්‍රවේශපත්‍ර වලින් හා ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් 50 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මරදාන දුම්රිය ආරක්ෂ නිලධාරීන් සමත්වී ඇත.

මෙම ප්‍රවේශ පත්‍ර පරික්ෂාව ඊයේ (25) පස්වරු 4.00 සිට 6.00 දක්වා පැය දෙකක කාලයක් තුළ සිදු කොට තිබේ. මෙහිදී අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවෝ 20 දෙනෙකු සිටි බව මරදාන දුම්රිය ආරක්ෂක සේවා ස්ථානාධිපති ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.

දුම්රිය ආරක්ෂක නිලධාරින් දාහරදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට අත්අඩංගුවට ගත් මගීන් 35 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් එක් ලක්ෂ තුන්දාහක් (1 03 000/-)දඩ මුදලක් අයකර ගෙන ඇත. ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි මගින් 15 දෙනෙකු ඇපකර තබා ගොස් ඇතැයිද ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.

දිගින් දිගටම දුම්රියේ හා දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර පරික්ෂාව සිදු කරන බැවින් දුම්රිය ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන ගමන් කරන ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ,දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න ,සහකාර අධිකාරී මධ්‍ය එල්.පී. ජයන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ,මරදාන දුම්රිය ආරෂක්ක සේවාවේ ස්ථානාධිපති ප්‍රදීප් ජයතිලක,උප පරීක්ෂක ලෙස්ලි ,සැරයන් වරුන් වන පුෂ්පකුමාර,සමන්ත,නීල් සිල්වා,වීරරත්න,අජිත් අනුරුද්ද,ලක්ෂාන්, ආරක්ෂක නිලධාරීන්වන අසංක ,ඒකනායක,ප්‍රියදර්ශන,ගංගොඩවිල,කුලතුංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

Gallery