කහ පැහැ වූ දත් සුදු කරන ක්‍රම 5ක්
සුදුවන් දත් දෙපළක් ලබා ගන්න ඔබ ගොඩක් වෙහෙසෙනවා නේද? වෙළඳපොලේ තියෙන දන්තාලේප කොතරම් භාවිතා කළත් දත් වල කහ පැහැය නම් අඩු කරගන්න බැහැ. මොකද ගොඩක් වෙලාවට ඊට බලපාන්නේ අපි කන ආහාරපාන වර්ග, විවිධ පෝෂණ ඌණතා සහ නිසියාකාරයෙන් මුඛ්‍ය පිරිසිදු නොකිරීම. ඒත් ඔයාට පුළුවන් මෙන්න මේ ස්භාවික ප්‍රතිකර්ම වලින් දුර්වර්ණ වූ දත් සුදු කරගන්න. කුඩා ඉඟුරු කැබැල්ලක් ගෙන අඹරා ගන්න. එයට ලුණු තේ හැදි 1/4 එකතු කර ලෙමන් පෙත්තක යුෂද මිරිකා ගෙන හොඳින් කලවම් කරන්න. ඉන්පසුව එම මිශ්‍රණය දත් බුරුසුවක් ආධාරයෙන් දත් වල ආලේප කර ටික වෙලාවකින් පිරිසිදු වතුරෙන් සෝදා හරින්න උණුසුම් වතුර භාජනයක් ගෙන එයට කොහොඹ කොළ එකතු කරන්න. මද වෙලාවක් එසේ තිබෙන්නට හරින්න. එය සිසිල් වීමෙන් පසුව කොහොඹ මිශ්‍ර ජලය ගෙන ඔබේ මුඛය සොදා හරින්න.
පෙපර්මින්ට් කොළ 3-5 අතර ප්‍රමාණයක් ගෙන ඉතාම හොඳින් අඹරා ගන්න. එයට පොල්තෙල්ද මිශ්‍ර කර එම මිශ්‍රණය දත් බුරුසුවක් ආධාරයෙන් ඔබේ දත් මත ආලේප කරන්න. ඉන්පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. 1:2 අනුපාතයට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකිං සෝඩා ගෙන බීට් කර පේස්ට් එකක් සාදාගන්න. එම ලැබෙන මිශ්‍රණය දත් බුරුසුව ආධාරයෙන් දත් මත මෘදුව ආලේප කර පිරිසිදු ජලයෙන් හොදින් සෝදා හරින්න. පොල් තෙල් හෝ ජලය සමඟ කොකෝවා කුඩු මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පේස්ට් එකක් ලැබෙන තුරු ඒවා හොදින් බීට් කරන්න. ඉන්පසුව මිශ්‍රණය භාවිතා කරමින් සුපුරුදු පරිදි ඔබ දත් මදින් ආකාරයට මදින්න.