පළාගිය කොවිඩ් ආසාදිතන් 05 දෙනාගේ සියලු තොරතුරු මෙන්න....දැඩි අවධානයෙන් සිටින්න.

covid
By Thaya Jan 02, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් තිබේ.

එලෙස පළාගිය රැඳවියන්ගේ තොරතුරු පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.

01. දඹල්ලගේ බුද්ධික විමලරත්න. වයස අවුරුදු 31යි.

02. මද්දුමරාලලාගේ කවිදු මධුශාන්. වයස 27යි. අංක 191/m, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව.

03. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි. වයස අවුරුදු 26යි. 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල.

04. ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා. වයස අවුරුදු 52යි. අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල.

05. පී.කේ සුමිත් පුෂ්පකුමා ර. වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස.

පළාගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

එම පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැන්විය හැකිය.

මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව - 0718 591 233 හා 119