ප්‍රභූ ආරක්ෂාවට සිටින පොලිසියේ 44000 ක් ඉවත් කෙරේ.
police
By Thaya
ප්‍රභූ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් 44 දහසක් පමණක් ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර තිබේ.
ප‍්‍රභූ ආරක්ෂාවට යොදා සිටින කණ්ඩායම් නැවතත් කොටස් වශයෙන් පොලිස් සේවය වෙත කැඳවන බවත් පළමු අදියරේදී ප්‍රභූන්ගේ නිවාසවල ආරක්‍ෂාවට සිටින පිරිස කැඳවීමට නියමිත බවත් සඳහන් වේ.
පොලිස් සේවයේ නිරත අසූ දහසක පමණ පිරිසක් 44 හතර දහසක් ම ප්‍රභූ ආරක්ෂාව යොදවා සිටින බව හෙළිවී තිබේ.