නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 426ක් අත්අඩංගුවට.

Corona Police Sri lanka Ajith rohana
By Aruna May 09, 2021 03:31 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (08) දිනයේ සිදුකළ වැටලීමක දී එම පිරිස අත්අඩංගුවට ගත් බවය.

මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 6,965ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වන විටත් එම පිරිසෙන් පුද්ගලයින් 6,000කට අදාළ අධිකරණවල නඩු පවරා ඇති අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමක දී ජංගම වෙළෙඳුන් 657දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇත.

ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 114 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ දී ඉන් දෙදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....


Join now