උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් 34ක් පීවිතක්ෂයට...72ක් තුවාල ලබයි.

Train Taiwan
By Thaya Apr 02, 2021 08:22 PM GMT
Report

තායිවානයේ උමගක් තුල සිදුවූ දුම්රිය පිලි පැනීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූ දුම්රියේ පුද්ගලයින් 350 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. පිලි පැනීමට ලක්වූ දුම්රියේ පෙට්ටි 04ක් උමග තුල සිරවී ඇති බවත් සහන සේවකයින්ට එම ස්ථානය කරා ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. තායිවාන ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ අනතුරට ලක්වූ දුම්රිය තුල පුද්ගලයින් තවමත් සිරවී සිටින බවයි. එම පිරිස් මුදා ගැනීමට මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. දුම්රි මැදිරි තුල සිරවී සිටි පුද්ගලයින් ජනෙල් කඩා ගනිමින් ඉන් පිටතට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


GalleryGalleryGallery