ප්‍රදේශ 30කින් නව කොරෝනා ආසාදිතයින් 336ක්...එම ප්‍රදේශ සියල්ල මෙන්න.

covid-19 corona infections
By Thaya Dec 25, 2020 11:29 AM GMT
Report

නව කොවිඩ් -19 ආසාදිතයින් 580 දෙනෙකු ඊයේ (23) දිනයේදී හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණ සිටි ලාංකිකයෙකි.

ඊයේ හඳුනාගැණුනු කොවිඩ් ආසාදිතයින් 507 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු 72 දෙදෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාරතා වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 228කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68ක් හඳුනාගෙන තිබුණි.

මේ අතර මිනුවන්ගොඩ ,පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,000 සීමාවට ළගා වී තිබේ.

ඒ අනුව එම පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,956 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 26,474ක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 38,638 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන් රෝගීන් 29,881 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයින් 8,573 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ අතර මෙරටදී සිදුවී ඇති කොවිඩ් -19 සමස්ත මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය - 228

අවිස්සාවේල්ල - 99

කුරුඳුවත්ත - 29

කොම්පඤ්ඤ වීදිය - 26

මරදාන - 21

බ්ලූමැන්ඩල් - 14

ග්‍රෑන්ඩ්පාස් - 9

කිරුළපන - 6

බොරැල්ල - 6

රත්මලාන - 4

මට්ටක්කුලිය - 3

දෙහිවල 3

කොල්ලුපිටිය - 2

බම්බලපිටිය - 2

කොටුව - 2

අලුත්කඩේ - 1

කොළොන්නාව - 1

ගම්පහ දිස්ත්‍රික්කය - 108

කඩවත - 50

මීගමුව - 21

කටුනායක - 17

මිනුවන්ගොඩ - 5

රාගම - 4

වේයංගොඩ - 2

කඳාන - 2

ගම්පහ - 1

දිවුලපිටිය - 1

ගනේමුල්ල - 1

කිරිඳිවල - 1

ජාඇළ - 1

පල්ලෙවෙල - 1

සීදූව - 1

කළුතර දිස්ත්‍රික්කය - 68

මහනුවර දිස්ත්‍රික්කය - 40

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය - 18

රත්නපුර දිස්ත්‍රික්කය - 17

මාතර දිස්ත්‍රික්කය - 17

ගාල්ල දිස්ත්‍රික්කය - 15

නුවරඑළිය දිස්ත්‍රික්කය - 15

කුරුණෑගල දිස්ත්‍රික්කය - 11

අනුරාධපුර දිස්ත්‍රික්කය - 09

කෑගල්ල දිස්ත්‍රික්කය - 07

මාතලේ දිස්ත්‍රික්කය - 06

අම්පාර දිස්ත්‍රික්කය - 05

කිළිනොච්චිය දිස්ත්‍රික්කය - 04

මඩකලපුව දිස්ත්‍රික්කය - 03

හම්බන්තොට දිස්ත්‍රික්කය - 02

වව්නියාව දිස්ත්‍රික්කය - 02

මුලතිව් දිස්ත්‍රික්කය - 01

පුත්තලම දිස්ත්‍රික්කය - 01

යාපනය දිස්ත්‍රික්කය - 01

මොනරාගල දිස්ත්‍රික්කය - 01