ලාංකිකයින් 33ක් එතෙරදී සියදිවි නසා ගෙන

Sri lanka
By Thaya Mar 03, 2021 05:16 PM GMT
Report

විදේශ රටවල රැකියා සඳහා ගොස් සිටියදී ඇති වූ ගැටලු හේතුවෙන් මානසික පීඩනයට ලක්ව සිටි පුද්ගලයන් 33 දෙනෙක් පසුගිය 2019 වසරේදී සියදිවි හානි කර ගෙන ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙලෙස සියදිවි හානි කරගත් පුද්ගලයන් තිස්තුන් දෙනා අතරින් විසිපස් දෙනෙකුම පිරිමි පුද්ගලයන්ය. අට දෙනෙකු කාන්තාවෝ වෙති. එම වසරේම ශ්‍රී ලාංකිකයෝ අට දෙනෙකු එම රටවලදී ඝාතනයට ලක්ව තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයන් අතරින් සිව් දෙනෙක් ගැහැනුන් වන අතර අනෙක් සිව්දෙනා පිරිමි වෙති.