ප්‍රදේශ 47කින් නව කොරෝනා ආාසාදිතයින් 311ක්...එම සියලු ප්‍රදේශ මෙන්න.

Corona
By Thaya Dec 26, 2020 07:23 PM GMT
Thaya

Thaya

Report

පසුගිය ගතවූ පැය 24ක කාලය තුල කළුතර සමස්ත ආසාදිතයන් ගණන 3000 ඉක්මවා ගොස් ඇති අතර ඊයේ (24) දිනයේ පමණක් ආසාදිතයන් 140ක් අලුතින් එම දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇත.

පසුගිය ගතවූ පැය 24ක කාලය තුල කළුතර සමස්ත ආසාදිතයන් ගණන 3000 ඉක්මවා ගොස් ඇති අතර ඊයේ (24) දිනයේ පමණක් ආසාදිතයන් 140ක් අලුතින් එම දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇත. මේ අනුව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කළුතර සමස්ත ආසාදිතයන් ගණන 3084ක් බවයි.

එසේම ඊයේ (24) දිනය තුල මෙරටින් සමස්ත ආසාදිතයන් 588ක් හඳුනා ගෙන ඇති අතර ඉන් 18ක් බන්ධනාගාර රැඳවියන් වන අතර සෙසු ආසාදිතයන් 570 දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (24) වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 245ක් වනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66ක් ආසාදිතයන් වාර්තා වී ඇත.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 39,230ක් බවට පත්ව ඇති අතර 30,568ක් සුවය ලබා තිබෙනවා. කෙසේ වෙතත් දැනට 8,478 දෙනෙකු ආසදිතව ප්‍රතිකාර ලබා ගන්නා බව වාර්තා වී ඇත.

ඊයේ (24) ආසාදිතයන් හඳුනා ගැනීම මේ ආකාරයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය -245 වැල්ලවත්ත – 48 වැල්ලම්පිටිය – 42 කොල්ලුපිටිය – 17 ග්‍රෑන්ඩ්පාස් – 15 දෙමටගොඩ – 11 කිරුළපන – 13 මට්ටක්කුලිය – 13 අලුත්කඩේ – 10 කොම්පඤ්ඤ වීදිය – 9 මරදාන – 8 බ්ලූමැන්ඩල් – 8 මිරිහාන – 8 පාදුක්ක – 7 නුගේගොඩ – 7 බොරැල්ල – 6 පිළියන්දල – 5 බම්බලපිටිය – 3 වේරගොඩැල්ල – 2 දෙහිවල – 2 ගල්කිස්ස – 2 ඔරුගොඩවත්ත – 2 හංවැල්ල – 1 පුවක්පිටිය – 1 මොරටුව – 1 මුල්ලේරියාව – 1 කහතුඩුව -1 තලංගම – 1 සේදවත්ත – 1 ගම්පහ දිස්ත්‍රික්කය – 66 වේයංගොඩ – 17 මීගමුව – 16 දිවුලපිටිය – 4 මීරිගම – 3 ජාඇළ – 3 වත්තල – 3 නිට්ටඹුව – 2 රාගම – 2 සපුගස්කන්ද – 2 දොම්පේ – 2 ගනේමුල්ල – 2 කඩවත – 2 කඳාන – 2 කැලණිය – 1 ගම්පහ – 1 කොටදෙණියාව – 1 කොලමැදිරිය – 1 මිනුවන්ගොඩ – 1 පෑලියගොඩ – 1 රත්නපුර දිස්ත්‍රික්කය – 17 මාතලේ දිස්ත්‍රික්කය – 16 කුරුණෑගල දිස්ත්‍රික්කය – 14 ගාල්ල දිස්ත්‍රික්කය -13