කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙනා කෘෂි කාර්මික ශාක බහලුම් 28 ක් රේගු බාරයට(PHOTO)
කොත්තමල්ලි ලෙස ප්‍රකාශයට පත්කොට යුක්රේනයේ සිට මෙරටට රැගෙන ආ කෘෂිකාර්මික ශාක තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. අදාල කෘෂි කාර්මික ශාක තොගය යුක්රේනයේ සිට ආනයනකරුවන් 8 දෙනෙකු සඳහා ආනයනය කරන ලද කොත්තමල්ලි ලෙස ප්‍රකාශිත බහාලුම් 28 ක් ශ්‍රී ලංකා රේගුව විසින් සිය භාරයට ගත් අතර, මූලික පරීක්ෂණ වලින් තහවුරු වූයේ මෙසේ කොත්තමල්ලි ලෙස ප්‍රකාශ කර ගෙන්වා ඇත්තේ "කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය " බවයි.
මෙම සියළුම බහාලුම් ආනයනය කර ඇත්තේ යුක්රේනයේ පිහිටි " Agronika Trade LLC" ආයතනය විසිනි. මෙම බහාලුම් වලින් බහාලුම් 8ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ පසුගිය 10 වැනි දිනත් , ඉතිරි බහාලුම් 20 රැගෙන විත් ඇත්තේ පසුගිය 21 වැනි දින බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.
නෞභාර ලේඛනය (Manifest) සහ අනෙකුත් නැව්ගත කිරීමේ ලේඛන වල මෙම අපද්‍රව්‍ය කොත්මල්ලි ලෙස ප්‍රකාශ කර ඇති අතර, යුක්රේනයේ පිහිටි කෘෂිකාර්මික නිෂ්පාදන වල තත්ත්වය තහවුරු කරනු ලබන State Service of Ukraine on Food Safety and Consumer Protection ආයතනය විසින් සුවස්ථතා සහතිකය (Phytosanitary Certificate) සහතිකයක් ද මේ සඳහා ලබාදී ඇත.
මෙසේ ආනයන කරන ලද බහාලුම් වලින් 4ක් පරීක්ෂා කිරීමට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් පැවසුවේ මෙම අපද්‍රව්‍ය නිෂ්පාදිත රටට වෙනම ප්‍රති අපනයනය කල යුතු බවයි.
මේ වන විට බහාලුම් 24 ක් කොළඹ වරාය තුල ඇති අතර ඉතිරි බහාලුම් 4 ක් ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් පරික්ෂා කිරීමේ අංගනයේ තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය අතිරේක රේගු අධ්‍යක්ෂ ආනන්ද ඊෂ්වරන් සහ සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ එස්.පී.අයි. බාලසූරිය යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය විසින් මේ සඳහා පරීක්ෂණ මෙහෙයවනු ලබයි



