බන්ධනාගාර තුළ තවත් ආසාදිතයින් 27ක්
Covid-19
By Thaya
බන්ධනාගාර ආශ්‍රයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (13) දිනයේ ද වාර්තා වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,152ක් වන බවය. කෙසේවෙතත් ඉන් 4,879 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව රෝහල්ගත ආසාදිතයින් සංඛ්‍යාව 260 දෙනෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.