ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙයි...
ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙනවා. ඔස්ට්‍රේලියාවට එරෙහි අවසාන මහා තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි. ඒ 1996 වසරේ මාර්තු 17 වනදා අද වැනි දවසකයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු වටයේ තරග සියල්ලම ජයග්‍රහණය කල අතර එහි දී කෙන්යාවට එරෙහිව අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී කඩුලු 05 කට ළකුණු 398 ක් ලබාගනිමින් එවක එක්දින තරගයක දී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළා.
එංගලන්තයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය කඩුලූ 5 කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ බිමේදීම පරාජයට පත්කළා. එලෙස සුපිරි දස්කම් දක්වමින් අවසන් සටන දක්වා පිවිසි අර්ජුන රණතුංගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව එම තරගයේ දී ප්‍රබල ඔස්ටේ්‍රලියා කණ්ඩායම කඩුලූ 07 කින් පරාජයට පත්කරමින් 1996 ලෝක කුසලානය හිමිකරගත්තා. අරවින්ද ද සිල්වා එම තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා වූයේ සනත් ජයසූරියයි. (Colombo Times)
