සල්ලිකාර පෙම්වතාගේ තර්ජනය නිසා 24 හැවිරිදි තරුණිය ජීවිතයෙන් සමු ගනී

Police
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Thaya

Thaya

Report

මුහුණු පොතින් මුණගැසුණු 24 හැවිරිදි තරුණියක් සමඟ 50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු පෙම් සබඳතා පවත්වා තිබෙනවා. ඇය සමඟ සමීපව හැසුරුණු ආකාරය අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු කළ තර්ජනය නිසා එම පෙම්වතිය එල්ලී දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් වාර්තා වි තිබෙනවා.

මෙලෙස මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සමීප සබඳතා පවත්වා ඇති බවත් වාර්තා වී තිබෙනවා. පසුව මෙම තරුණිය හදිසියේ තම නිවසේ එල්ලී දිවි හානිකර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සගවා තිබූ ලිපියක් හමුවී තිබෙනවා. එම ලිිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා සමීපව හැසිරුණු ජායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව ඇති බවත්ය. ඒ අනුව පොලිස් විමර්ශනවලදී දිවි නසාගත් තරුණියගේ පෙම්වතා 50 හැවිරිදි දෙදරු පියකු වන මීගමුව කුඩාපාඩුව මෙන්ඩිස් මාවතේ පදිංචි පුද්ගලයෙක් බවට හෙළිදරව් කර ගෙන තිබෙනවා.

ඒ අනුව එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන කටයුතු කරයි.