මැදිරි 200 නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට ....

Compartment
By Thaya Jan 28, 2021 08:13 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත්කරනු ලැබු දුම්රිය මැදිරි 200ක් නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට එක් කෙරේ .

මෙම ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 140ක් හා 8 බලවේග කට්ටල 60ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මුලු ඇස්තමේන්තු වියදම රුපියල් මිලයන 2388කි. එක් මැදිරියක් සදහා ඇස්තමේන්තු ගත මුදල ලෙස රුමේනියානු මැදිරියක් සඳහා රුපියල් මිලියන 13.1 හා 8 බලවේග කට්ටල මැදිරියක් සඳහා රුපියල් මිලියන 9.1ක් ද වේ.

මේ වන විට අලුත්වැඩියාවන් සිදුකර රුමේනියානු මැදිරි 138ක් හා 8 මැදිරි 52ක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. ඉතිරි මැදිරි මේ වර්ෂයේ මැයි 15 දිනට ප්‍රථමව අලුත්වැඩියාවන් සිදු කොට දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය තුලින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට රජයට හැකිවී තිබෙන අතර මෙම දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට අදාල ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක්ද මේ තුලින් සැලසී ඇත. වර්තමානයේ නව ඉන්දියානු මැදිරියක් ආනයනය කිරිමට රුපියල් මිලියන 91 අධික මුදලක් වැය වන අතර චීන බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රු.මිලියන 131ක පමණ මුදලක් වැය කිරිමට සිදු වේ.

එහෙයින් මේ යටතේ විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට රජයට හැකියාව ලැබි තිබේ. දේශීය කාර්මිකයින් හා ඉංජිනේරුවන් යොදා ගනිමින් අලුත්වැඩියාවන් සිදු කරනු ලබන මෙම ආයතනය දේශීය ආයතනයක් වීමද මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අංගනයට ගොස් මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලූ අතර ඉදිරියේදී තවත් දුම්රිය මැදිරි 100 ක් මේ අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේයග

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංගල දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු තන්ත්‍රී සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රි යන මහත්වරුන් සහභාගී වුහ.


GalleryGalleryGallery