හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට

Covid-19 Quarantine
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුලම ස්වයං නිරෝධානයට යොමු කර එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

එම පාසලේ 10 ඒ සහ 11 ඒ වසර වල අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙකුයි මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ.

ඉන් එක් සිසුවියකට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි සුව වු සිසුවියක් බවත් , එම සිසුවිය මොරටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

රෝහල් ගත කල අනෙක් සිසුවිය මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත්, එම සිසුවිය (12) දින පාසලේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවත්, එම සිසුවියන් දෙදෙනා (18,19) යන දෙදින තුල පාසලට ගොස් ඇති බවට තොරතුරු සනාථ කරගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවත්, රෝහල් ගත කල සිසුවියන් දෙදෙනා අධ්‍යාපනය ලැබු පන්ති කාමර වල සිසු සිසුවියන්ද ස්වයං නිරෝධානයට යොමු කර මුළු පාසලම සහ නේවාසිකාගාරය විෂබිජහරණය කිරිමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එම් මැදවෙල මහතා වැඩිදුරටත් පැවසිය.