දුම්රිය ගමන්වාර 182 ක් හෙට සිට ධාවනයට

Trains
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Report

මගී ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට සිට (04) සියලුම මාර්ගවල දුම්රිය ගමන්වාර 182 ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64 ක් ද ,මුහුදුබඩ මාර්ගයේ 74 ක් ද , කැලණිවැලි මාර්ගයේ 12 ක් ද උතුරු මාර්ගයේ 6 ක් හා පුත්තලම් මාර්ගයේ 26 ක් ලෙස ද මෙම සතියේ සිට ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

නමුත් තව දුරටත් දුරගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර බොහෝ දුරට දුර ගමන් සේවා හා පාර්සල් ප්‍රවාහන කටයුතු ඉදිරි සතිවලදී ක්‍රියාත්මක කිරිමට නියමිතය.