මාරක අනතුරක් - 18 හැවිරිදි තරුණයා එතනම මරුට
බුලත්සිංහල මාර්ගයේ දිවලකඩ හන්දිය ප්රදේශයේදී සිදු වූ අනතුරක් පිළිබඳව බුලත්සිංහල පොලිසිය වාර්තා කරයි.
ඒ අනුව හොරණ දෙසින් බුලත්සිංහල දෙසට ගමන් කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරන තවත් යතුරුපැදියක් ඉස්සර කිරීමට උත්සහ කරන අවස්ථාවේදී මාර්ගයේ ලිස්සා වැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට පැමිණි ඇගළුම් ආයතනයකට අයත් වෑන් රථයකට යටවී 18 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ,කවීෂ් ලක්ෂාන් හේමරත්න නම් 18 හැවිරිදි තරුණයෙකි. ඔහු හොරණ කදන ප්රදේශයේ ප්රධාන බේකරි ආයතනයක සේවය කරමින් තිබුණි. මෙම අනතුර අද (29) උදෑසන 6.30 ට සිදුවී ඇත.
ඔහු හොරණ දිස්ත්රික් මහ රෝහලට රැගෙන ගිය විටත් මියගොස් සිට තිබේ. පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි යතුරුපැදියට ඉස්සර කිරීමේදී සිදු වූ බවයි, යතුරුපැදිය මාර්ගය දිගේ ඇදී ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා බිම වැටීමත් සමඟ ඉදිරියට පැමිණි වෑන් රථයට යටවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
එමෙන්ම වෑන් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන බුලත්සිංහල වැඩබලන පොලිස් ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක එන්. නිශාන්තගේ මෙහෙයවීම යටතේ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අත්තනායක ඇතුළු නිලධාරින් සිදු කරනු ලබයි.