ඉන්දියාවේ පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට
ගිණිකොනදිග ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ, නීතිවිරෝධී ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින් පතල්කරුවෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ තවත් පතල්කරුවන් කිහිප දෙනකු අතුරුදන් බව ද වාර්තා වේ.
මෙම පිපිරීම සිදුව ඇත්තේ නැගෙනහිර මේගාලයේ ජයින්ටියා කඳුකර දිස්ත්‍රික්කයේය. මේඝාල පොලිස් අධිකාරී විකාශ් කුමාර් මාධ්‍ය හමුවේ කියා සිටියේ පතල් සේවකයන් 18 දෙනාගෙන් 16 දෙනකුගේ සිරුරු හමුවුණු බවයි මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ද වාර්තා වේ.
ඒ වගේම මුදාගැනීමේ කටයුතු සඳහා ප්‍රාන්තයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ සහාය ඉල්ලා ඇති නමුත්, එම කණ්ඩායම් පතල පිහිටි ස්ථානයට පැමිණ තිබුණේ නැත.
ගල් අගුරු පතලේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
මේ අතර සිද්ධිය සම්බන්ධව අවධානය යොමු කර තිබෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් සහ මූල්‍යාධාරයක් පිරි නැමීමටද තීරණය කර තිබේ.
ඒ අනුව මියගිය පුද්ගලයින් සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 2ක සහ තුවාල ලැබූවන් සඳහා ඉන්දිය රුපියල් 50,000ක මූල්‍යාධාරයක්ද ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ දැඩි පාරිසරික හානිය, භූගත ජලය දූෂණය වීම සහ මිනිස් ජීවිතයට බරපතළ අවදානම් ඇති බැවින් ඉන්දීය ජාතික හරිත විනිශ්චය සභාව විසින් 2014දී මේඝාලයේ මෙම නීති විරෝධී කැණීම් තහනම් කර ඇති බවයි.