තවත් ප්‍රදේශයක ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයින් 17ක්
corona
By Thaya
වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අද (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
මේ අතර ඇහැලියගොඩ නගරයේ පසුගිය 23 වැනිදා සිදුකළ අහඹු PCR පරීක්ෂණවලින් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
වෙළෙඳසැළක සේවකයෙක් වන ඔහු, සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදිත් එහි සේවය කරමින් සිට තිබුණි.
ඔහු සමග තවත් 20 දෙනෙකු පමණ එම වෙළෙඳසැළ තුළ සේවය කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.