එක් ප්‍රදේශයකින් එකවර ආසාදිතයින් 16ක් - පාසල් සිසුන් 7කුත් ඒ අතර

covid-19
By Thaya Mar 05, 2021 08:48 AM GMT
Report

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ (03) දින කොවිඩ් - 19 වෛරස අසාදිතයන් 16 දෙනෙකු හමුවූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් මහතා පවසයි.

ඉකුත් පළමු දින හඳුනාගත් අසාදිතයන් 12 දෙනෙකුගේ ළඟම ආශ්‍රිතයන් 164 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව එම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

එම PCR වාර්තා අනුව ප්‍රධාන පාසල් 4ක ගුරුවරුන් 5 දෙනෙකු සහ සිසු සිසුවියන් 7 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

සෙසු අසාදිතයන් 4 දෙනා වතු ආශ්‍රිත පදිංචිකරුවන් ය.

ඒ අනුව නව අසාදිතයන් 16 දෙනාගේ ළගම ආශ්‍රිතයින් හඳුනාගෙන ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවරගෙන තිබේ.