පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Inspector General of Police
By Piyumika Jun 11, 2024 03:29 AM GMT
Piyumika

Piyumika

Report

ගත වූ මාසය හය තුළ පළාත් නවයේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකු, උප පොලිස් පරීක්ෂකවරුන් දහතුන් දෙනකු ඇතුළු පොලිසියේ එකසිය පනස්තුන් දෙනකු පහරකෑමට ලක්ව ඇති බව වාර්තාවේ.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

මේ අතර සැරයන්වරු අසූ එකක් හා පොලිස් කොස්තාපල්වරුන් පනස්හතරක්ද වේ.

මෙම පිරිසෙන් 143 ක්ම නිල පොලිස් රාජකාරි ඉටු කිරීමට යෑමේදී පහරකෑමට ලක්ව ඇත.

පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා අනියම් බිරියගේ නිවසේදී පහරකෑම හැර අනෙක් සිදුවීම් නවය නිවසට යන මොහොතේ හා රාජකාරී නොවන අවස්ථාවල පහරකෑමට ලක් වූ සිදුවීම්වේ.

ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..

ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..

මෙම මාස හයට වැඩිම පොලිස් නිලධාරින් පිරිසක් පහර කෑමට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර සිදුවීම් විසිඅටකදී තිස්එක් දෙනකු පහර කෑමට ලක්ව තිබේ. එම පිරිසට සැරයන්වරුන් දහතුනක්, කොස්තාපල්වරුන් 14 ක්, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු හා උප පොලිස් පරීක්ෂකවරයකුද අයත්ය.

මීළඟට වැඩිම පිරිසක් පහර කෑමට ලක්ව ඇත්තේ වයඹ හා උතුරු මැද පළාත්වලිනි.

එම පළාත් දෙකෙන්ම සිදුවීම් දොළහ බැගින් සිද්ධීන් විසි හතරක් වාර්තා වී ඇත.

මාස හතකට පසු නිදහස ලැබූ උතුරේ ධීවරයින්..

මාස හතකට පසු නිදහස ලැබූ උතුරේ ධීවරයින්..

මධ්‍යම පළාතෙන් පහරකෑමේ සිද්ධීන් දහයක්ද, නැගෙනහිර පළාතෙන් සිද්ධීන් අටක්ද වාර්තා වී තිබේ.

උතුරු පළාතෙන් සිදුවීම් පහක් වාර්තා වී ඇත.එහිදී උප පොලිස් පරීක්ෂකවරියක හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක ද පහර කෑමට ලක්ව ඇත .

රාජකාරී ඉටුකිරීමට යෑමේදී නිලධාරින්ට පහරදීමට මුල්වන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ අතරේ රාජකාරිමය නොවන සිදුවීම්වලට මුල්වී පහර කෑමට ලක්වූ නිලධාරින්ටද දැඩිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නියෝග නිකුත් කර තිබේ .

ගෑස් හා ඉන්ධන මිල අඩු වෙද්දී ප්ලේන්ටිය, සහ කොත්තු,රයිස් මිල මෙච්චර අඩු කරන්න පුළුවන්ද? - (VIDEO)

ගෑස් හා ඉන්ධන මිල අඩු වෙද්දී ප්ලේන්ටිය, සහ කොත්තු,රයිස් මිල මෙච්චර අඩු කරන්න පුළුවන්ද? - (VIDEO)

රාජකාරී වේලාවේ බොහෝ පිරිසක් පහර කෑමට ලක්ව ඇත්තේ වරෙන්තුකරුවන් ඇල්ලීමට යෑම, යුක්තිය මෙහෙයුම් මත්ද්‍රව්‍ය වැටලීම් හා අනෙකුත් රාජකාරීන් සඳහා ගිය මොහොතේදීය.