රාජ්‍ය සේවයට තවත් අලුත් පිරිසක් බඳවා ගැනේ

Report

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු තනතුරු 40 සම්පූර්ණ කිරීම සදහා පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව අයැදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයැදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමුකර සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කළ 36 දෙනෙකු සදහා මෙම පත්වීම් ලිපි ලබා දීමට සුදානම් වේ.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

ඒ අනුව මෙම නවක තැපැල් රියදුරන්ට හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කිරීමට නියමිතය.

මේවන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් රියදුරෝ 129 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරති.

පොලිසියේ ඉහල පුටු හයකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

පොලිසියේ ඉහල පුටු හයකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු