මක්කම ඛේදවාචකය - කිරිසප්පයෝ කාන්තාවෝ අදුරගන්නවත් බැරිලු බසය පිටින්ම ගිනි අරන්
By Ashfa
සෞදි අරාබියේදී අද (17) සිදු වූ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 46ක් එහි සිටි නමුත්, ඉන් එක් අයෙකු දිවි බේරාගෙන ඇත.
මියගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ දරුවන් වන අතර ඔවුන්ගේ මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම පිරිස ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සිට මක්කම වන්දනාවට පැමිණි පිරිසක් බවද සඳහන් වේ.