කෝටි 13 හමාරක එක්ස්ටසි(Ecstay) මත්පෙති තැපෑලෙන් අල්ලයි...
බෙල්ජියමේ සිට කොළඔ 05 ප්‍රදේශයේ ලිපිනයට කට බළලුන් සදහා ලබා දෙන ආහාර මුවාවෙන් එවා තිබු රුපියල් කොටි 13 1/2 ක් වටිනා ''එක්ස්ටසි'' Ecstay(මෙතපිටමින්) වර්ගයේ මත්පෙති අඩංගු පාර්සල් තුනක් කොළඔ මධ්‍ය තැපැල් හුවමාරුවේදී රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පාර්සල් තුනෙහි තිබි චොකලට් හා වෙනත් ආහාර කිලෝ 09 සොයා ගත් අතර එම පාර්සල් තුළ චොකලට් හා වෙත් ආහාර කිහිපයක්ද සොයා ගැනිීමට හැකිවී තිබේ.ඒවා අස්සේ සගවා තිබු එක්ස්ටසි මත්පෙති 18 000 ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.
ඇත . මෙවැනි විශාල ප්‍රමාණයේ එක්ස්ටසි මත්පෙති තොගයක් සොයා ගත් ප්‍රථම අවස්ථාව මෙය ද වෙයි.
2019 වසරේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 141 ද, 2020 වසරේ දී රුපියල් මිලියන 251 කද මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබිණ. නමුත් මේ ආකාරයෙන් එවන ලද වෙනත් පැකට් 08 ක තීබී ''කාත් '' නැමැති දුම්කොළ විශේෂයෙන් කිලෝ 16 ක් අත්අඩංගුවට ගැණින.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීක් වැඩි දුර පරික්ෂණ පවත්වයි.

