සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෝ 15 ක් කොටු
මෙරට විවිධ අපරාධවල නියැලුණු සාමාජිකයන් 15 කු තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කර තිබේ.
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ උපදෙස් මත අපරාධ ඔවුන් සිදු කර ඇති බව වාර්තා වෙයි.
පොලිසිය සදහන් කළේ එම සැකකරුවන් අතර සැකකාරියක්ද වන බවයි .
එම සැකකරුවන් සමග කඩු පහක්, ලක්ෂ අටක් පමණ වටිනා අයිස් ගෑම් 40 ක් පොලිස් භාරයට ගෙන තිබේ .
ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරු 3.00 සිටි පෙරවරු 08 දක්වා සිදු කළ විශේෂ මෙහෙයුමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
එම වැටලීම රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි අරලිය නිවාස සංකීර්ණයේ සිදු කර තිබේ.
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන එල්ලාවල ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මේ සහ කුරුවිට ආරච්චිලාගේ කවිදු දනංජයැ නොහොත් සැන්ඩෝ යන අයගේ කැපුම් කණ්ඩායමේ අනුගාමිකයන් එකොළොස් දෙනෙකු හා අපරාධ සඳහා සැකපිට පුද්ගලයන් තුන්දෙනකු සමග සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .