‘බුර්කාව’ තනහම් රටවල් 16න් 13ක්ම මුස්ලිම්
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා ‘බුර්කා’ තහනම ක්‍රියාත්මක කරන නිසා ලංකාව පමණක් එය‘මැජික් එකක්’ බවට පත්කරගෙන ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලපවසයි.
‘බුර්කා’ තහනම ගැන රජය දරන මතය පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ ‘බුර්කා’ තහනම, තවත් සාකච්ඡා වෙමින් පවතින බවයි.
‘බුර්කා’ තහනම ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ රටවල් 16 තුළ මුස්ලිම් රටවල් 13ක්ද සිටින නිසා එයප්‍රශ්නයක් කර නොගත යුතු යැයිද ඇතැමුන් ‘බුර්කා’ තහනම ප්‍රශ්නයක් කර ගැනීමට උත්සාහ දරන බවදහෙතෙම පෙන්වා දෙති.
ගතවූ වසර 15-20 තුළ මුහුණු ආවරණය කරන ක්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති නිසා සංස්කෘතිකවශයෙන් ඇති වී තිබෙන වෙනස්කම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට ඇති වී තිබෙන ගැටලු පිළිබඳව බොහොමපැහැදිලි විශ්ලේෂණයක් කෙරෙමින් පවතින බවද හෙතෙම පවසයි.
රටේ සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පිළිබඳවවිශ්ලේෂණයක් කර අවශ්‍ය තරමට තීන්දු තීරණ ගන්නා බවද පෞද්ගලිකව හා ආගමික වශයෙන් ඒ සම්බන්ධයෙන්ගන්නා තීන්දු තීරණ පිළිබඳව බලපෑම් නොකළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.