මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැදවියන් 128කට චෝදනා

prison mahara
By Thaya Jan 02, 2021 06:23 AM GMT
Report

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැදවියන් 128කට චෝදනා

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මහර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා පද්ධති, සිරකරුවන් විශාල පිරිසකගේ සහ බන්ධනාගාර නිලධාරින්ගෙන් ලබාගත් වාර්තා සහ ප‍්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව රැදවියන් 128 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කොට බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහට වාර්තාවක් ලබාදි ඇත.

ඒ අය අතර මත්ද‍්‍රව්‍ය ජාවාරමට. මංකොල්ල කෑම් වලට. සොරකම් වලට හා මත්කුඩුවලට තදින් ඇබිබැහිවුවන්ද වන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මෙම සැකකරුවන් 128 දෙනා අතර අපරාධ කල්ලි නායකයන් හා ඔවුන්ගේ ගෝලයින්ද වන අතර සමහරුන් ඇප පිට නිදහස්ව නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායන කාලය අවසන් කොට නිවෙස් කරා යැමට සුදානමින් සිටි පිරිසක්ද වන බව පැවසේ.

රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් දින කිපයක සිට බන්ධනාගාරයට සිදුව ඇති අලාභ හානිය පිළිබදව පරික්ෂණ කටයුතු සිදුකරමින් සිටින බව බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ පවසයි.