පැය 10ක මෙහෙයුමකින් 1158 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
Police
By Thaya
බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (07) දින පැය 10ක් තුළ සිදුකර තිබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.