ගත වූ පැය 24 තුළ රිය අනතුරු මරණ 11ක්

Accident
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Report

රිය අනතුරු හේතුවෙන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් මරණ 08 ක්ම ඊයේ දිනයේ සිදු වූ රිය අනතුරුවලින් බවයි පොලිසිය සදහන් කළේ.

රියදුරුට නින්ද යාම හෝ බීමතින් රිය ධාවනය / අපරික්ෂාකාරි රිය ධාවනය / මාර්ග පද්ධතිවල පවතින දෝෂ පිළිබද නොසලකා රිය ධාවනය වැනි හේතු මත මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.